අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 68 හැවිරිදි වියේ පසු වන එක් දරු පියෙකි.
මෙම සැකකරු වසර ගණනාවක් තිස්සේඔහු පදිංචිව සිටින ප්රදේශයේපිහිටි සිවිල් ආරක්ෂක කමිටුවේ උප ලේකම් ධුරය දරා මෑතකදී නිලවරණයේදී එම තනතුර අහිමි වී ගිය අයෙක් බව කියති.
බාල වයස්කාර දැරියගේ මව සිදු කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගෙන් ද ප්රකාශයක් ලබාගෙන විමර්ශන පවත්වා මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පුද්ගලයා අසල්වැසිනිවසක පදිංචිව සිටිනදැරියගේ නිවසට පැමිණමෙම දැරියට ලිංගික අතවර සිදුකර තිබෙන බවපොලිසිය සදහන් කරයි.
ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන දැරියවෛද්ය පරීක්ෂණයකට ලක් කිරීමට පොලිසිය කටයුතු යොදා ගෙන යයි
කුරුණෑගල කොට්ඨාසය බාර භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ සහ කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල යන මහත්වරුන්ගේ උපදෙස් මත මාවතගම වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී. එම්. ඒ. දසනායක මහතාගේ මෙහෙයවීම එම පොලිසිම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ එහි ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂිකා ශාන්ති පුෂ්පලතා මහත්මියගේ ප්රධානත්වයෙන්උප පොලිස් පරීක්ෂක ජයරත්න, පොලිස් සැරයන් වීරසේකර(39345),පොලිස් කොස්තාපල් ඒකනායක (34731)යන මහත්තුරුන් සහ කාන්තා පොලිස් කොස්තාපල් වෙලගෙදර (10410) මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි