මෙරටට වැඩි වශයෙන් ඩොලර් ලබා ගැනීමට කංසා වගා කිරීමේ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඒ අනුව සති දෙකක් ඇතුළත ඊට අදාළ ගැසට් පත්‍රිකාව නිකුත් කරනු ඇතැයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට වගකිව යුතු රජයක් ලෙස අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත්, සංචාරකයන්ට සිදුවන අපහසුතා වලක්වා ගැනීමට විශේෂ කුළී රථ සංගම් පිහිටුවීමට ද සැලසුම් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මෙරටට සංචාරක ආකර්ෂණය වැඩි නගර නොනිදන නගර බවට පත් කිරීමේ අවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.