ලෝකයේ හැම තැනක්ම ප්රශ්න වලින් පිරී ඇතැයි ද ප්රශ්න නැති එකම තැන අඟහරු ලෝකය පමණක් යැයි ද ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2015 ක්රියාත්මක වූ කුමන්ත්රණකාරී බලවේගම ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා ක්රියාත්මක වු බව තමා සිතන්නේ යයිද රංජිත් බණ්ඩාර මහතා කීය.
මහ හඬින් කතා කරන අය බත්තරමුල්ලේ ගම් සභාව දිනලා පෙන්නන්නැයි අභියෝග කරන බව කී බණ්ඩාර මහතා ඒ අය මිනිස්සුන්ගේ පපුවේ ඉන්නේ කථිකයන් විදියට විතරක් යැයිද ඔවුන් වැඩකාරයන් විදිහට ජනතාවගේ පපුවේ නැතැයි ද පැවසීය.