ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් අතර හමුවක් සිදුව තිබෙනවා.
අමෙරිකාවේ සංචාරයක නිරත ජනාධිපතිවරයා සමන්තා පවර් හමුවුණේ නිව් යෝර්ක් නුවර ටාජ් පියරේ හෝටලයේදී බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී ඔවුන් දෙදෙනා අතර පළදායී සාකච්ඡාවක් සිදුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර නිල හමුවක් සිදුව තිබෙනවා.
එහිද දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද රාජ්‍ය නායකයන් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
පසුගිය අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ නොසැලෙන සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට සහ එරට ජනතාව වෙත සිය කෘතඥතාව පළ කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.