සිනමා ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එහි සභාපති චාලක ගජබාහු මහතා සඳහන් කළේ, ඉන්දියානු සිනමාව මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා එම අදහස් පළ කළේය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චාලක ගජබාහු මහතා,
“ඉන්දීය සිනමාව කියන්නේ ලෝකයේ තියෙන ලොකුම සිනමා ව්‍යාපෘතිය. අපේ ඇත්තටම ඕනේකම තියෙන්නේ ඉන්දියන් සිනමා කර්මාන්තය අවුරුද්දකට 2,000ට වැඩිය ටීවි ශෝස් හදනවා දැන් ඕටීටී ප්ලැට්ෆෝම්වල, නෙට්ෆිලික් ද ප්‍රයිම ද, ඩිස්නිවල ද ඔක්කොම දැන් ඉන්දියන් ටීවි පවා ගිහිල්ලා තියෙනවා ලෝකේ හතර වටේ ගෙනියන්න. අපි එහා පැත්තේ ගෙදර වෙලා… ලංකාව කියන්නේ ස්ටුඩියෝ එකක්. මේ දූපතක් වුණාට ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ තියෙන්නේ ‘සන් ඇන්ඩ් සී’ ඒ කියන්නේ මුහුද විතරයි කියලා. ඒක අපි වෙනස් කරන්න ඕනේ. ඔක්කොම බැලුවාම ඔක්කොම ඇතුළේ තියෙන්නේ ටැබ්ලට් එකක්. මේක ගැහුවාම ඔක්කෝම ඇඟට දාගන්න පුළුවන්. මුහුද ද සර්ෆින් ද මේ වගේ ඔක්කොම තියෙනවා. ඇයි ලංකාව මූවී ස්ටුඩියෝ එකක් වෙන්න බැරි? පුළුවන්. ඉන්දියන් සිනමාව එකතු වුණාම ඉන්දියන් සිනමා තරු ලංකාවට ආවාම. ශාරුක් ඛාන් හරි සල්මන් ඛාන් හරි ගහක් යට නැටුවොත් හරි මුහුදකට ගිහිල්ල නැටුවොත් ඉන්දියක් සංචාකරයෝ 1,000 ගණන් ලංකාවට එනවා.”