ඊයේ (09) දහවල් කාලයේ පිටිගල පොලිස් වසමට අයත් තොටුපොළ පාර, බෙන්තර ගං ඉවුරේ තිබී පිරිමි මළසිරුරක් හමු වී තිබේ.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මළසිරුර වයස අවුරුදු 40ත් 50ත් අතර වයසේ පසු වන තැනැත්තකුගේ බවට අනුමාන කළ හැකි බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, උස අඩි 05යි අඟල් 04ක පමණ පුද්ගලයකු වන අතර, නිල් පාට ඉරි සහිත අත් කොට කමිසයක් හැඳ, යටිකය නිරුවත් ව සිට ඇත.
මළසිරුර ඇල්පිටිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.