මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සඳහා ගිය වෛද්‍යවරුන් පිරිසක් අකරතැබ්බයකට මුහුණදුන් පුවතක් මඩොල්සිම ප්‍රදේශයෙන් වාර්තා වුණි.
එම වෛද්‍යවරු ගමන්ගත් මෝටර් රථයක් මතට රූස්ස ගසක විශාල අත්තක් කඩාවැටීම හේතුවෙන් අනතුරක් සිදුව ඇති බවය.
එම අනතුරින් තුවාල ලැබු වෛද්‍යවරයෙක් කඩිනමින් රෝහල් ගතකළ බව මඩොල්සිම පොලීසිය පැවසීය.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, රාගම රෝහලේ සේවය කරන 38 හැවිරිදි වෛද්‍යවරයෙකි.
විශ්වවිද්‍යාලයේ මිතුරන් වන වෛද්‍යවරු අට දෙනෙක් ඊයේ (09) පස්වරුවේ මෝටර් රථ දෙකකින් පුංචි ලෝකාන්තය නැරඹීමට යමින් සිටියදී මඩොල්සිම කොකාගල ඩීන්වත්ත ප්‍රදේශයේදී මාර්ගය ආසන්නයේ තිබෙන ගසක අත්තක් මෙසේ එක් මෝටර් රථයක් මතට කඩාවැටී තිබේ.
එම අනතුරෙන් තුවාල ලැබූ වෛද්‍යවරයා මැටිගහතැන්න රෝහලට ඇතුළත් කර හදිසි ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
මේ වනවිට එම වෛද්‍යවරයා බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.