කොරෝනා පිටින් දමා මැතිවරණය කල් දැමීමට විරුද්ධයි – කෝට්ටේ හිටපු නගරාධිපති රණවක

0
27

කොරෝනා වසංගතය ඇතිවූ මෙවන් කාලයක පසුගිය රජය පැවතියා නම් මෙරට විශාලා මහනුවර බවට පත්වීමට ඉඩ තිබූ බව කෝට්ටේ හිටපු නගරාධිපති රණවක මහතා පවසනවා.

පොදුජන පෙරමුණු මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිවන්ත විය යුතු බවයි.

හිඟා කෑමෙන් හෝ ක්‍රීඩා පිටි හදන බවට පසුගිය දා ඇසුණු ප්‍රකාශය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් හිටපු නගරාධිපති ජනක රණවක මහතා කියා සිටියේ “අපි හිඟා කන ජාතියක් නොවන ” බවයි.

යහපත් ක්‍රමවේදයක් තුළින් යහපත් ආර්ථිකයක් නැගීම ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ බවයි ඔහු පැහැදිලි කළේ.

මැතිවරණ කොමිසමේ ක්‍රියා කලාපය දැඩිව හෙළා දුටු ඔහු මැතිවරණ කොමිසම ස්වාධීන ද ප්‍රශ්නයක් ඇති බවයි කියා සිටියේ.

කොරෝනා හදාගෙන හෝ මැතිවරණය නවත්වා ලීමට උත්සාහ දරයිද යන සැකය ඇති බව ජනක රණවක මහතා සඳහන් කළා.

පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේ පළවූ සම්පුර්ණ අදහස් පහතින් නැරඹිය හැකියි.