ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 158,300 ඉක්මවයි

0
23

අඛණ්ඩව නවවැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (28) හයදහස ඉක්මවා ගියේය.

ඉන්දියාවෙන් ඊයේ (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 6,566කු හඳුනාගෙන තිබූ අතර ඒ අනුව එරට කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,58,333ක් දක්වා ඉහළ ගියේය.

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 194ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,531ක් ලෙස දැක්විණි.

ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 67,692ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 86,110කි.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (28) පස්වරු 6.12 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 56,948ක් විය.

ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.