ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක විශිෂ්ට ජයක් හිමිවුණා.
ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (31) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
අද පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණු අතර බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඔවුන් පන්දු වාර 42 යි පන්දු 4 දී බංග්ලාදේශ කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 164 ක් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Najmul Hossain Shanto ලකුණු 89 , Towhid Hridoy ලකුණු 20 ක් ද ලබා ගත්තා.
පන්දු යැවීමේ දි මහීෂ පතිරණ 04, දසුන් ශානක 01, මහීෂ් තීක්ෂණ 02 , ධනංනජය ද සිල්වා 01 , දුනිත් වෙල්ලාලගේ 01 බැගින් බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු ලබා ගත්තා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 165 ක ඉලක්කයක් හිමි වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 39 කඩුලු 5 ක් දැවි ලකුණු 165 ක් ලබා අද තරගය විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කළා
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම ලකුණු 54 , චරිත් අසලංක ලකුණු 62
පන්දු යැවීමේ දී Taskin Ahmed 01 , Shoriful Islam 01 , Shakib Al Hasan 02, Mahedi Hasan 01, ක බැගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු ලබා ගත්තා.