විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන්ට ලබාදෙන කහ උණ එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති බව වාර්තා වෙනවා.
එම නිසාම විදේශගතවන්නන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.
මෙම එන්නත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ජාත්‍යන්තර සෞඛ්‍ය ඒකකයේ දැනට මාස කිහිපයක සිට නොමැති වීම නිසා කහ උණ පැතිරයාමේ අවදානමක් මතුව ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව කහ උණ රෝග තත්ත්වය වළක්වා ගැනීම සඳහා එන්නත්කරණය කිරීම සාමාජික රටවල වගකීමක් වෙනවා.
එවැනි පසුබිමක් යටතේ ශ්‍රී ලාංකිකයන් විදේශගත වීමේදී සහ නැවත පැමිණීමේදී කහ උණ පැතිර යාමේ අවදානමක් මතුව ඇති බැවින් ලක් රජය ජාත්‍යන්තර රෙගුලාසි උල්ලංඝනය කිරීම බරපතළ කාරණයක් බවට පත්ව තිබෙනවා.