මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කළේය.
අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග රැසකින් සමන්විත පෙරහැර මංගල්‍ය දැක බලා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජනතාව බොහෝ පිරිසක් පැමිණ සිටි බව වාර්තාවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දෙස් විදෙස් තානාපතිවරුන් රැසක් ද අවසන් රන්දෝලී පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටියේය.
ඇසළ පෙරහැර මංගල්‍යයේ දියකැපීමේ චාරිත්‍රය මේ වන විට මහවැලි නදියේ ගැටඹේ තොටේ දී සිදුකරනු ලබයි.
දියේ කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව සිව්මහා දේවාල පෙරහැර මහනුවර ඝණදෙවි කෝවිලට පැමිණ ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අද දහවල් පෙරහැර සඳහා එකතුවීමට නියමිතව තිබේ.