ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් ලැබුණු ත්‍යාග විකුණා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා වලට වරදකරු වීම හේතුවෙන් ඔහුට නියම වූ වසර තුනක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය අත් හිටුවා තිබේ.ඔහුගේ නීතිඥවරුන් මහාධිකරණයේ ගොනු කළ අභියාචනය සළකා බැලූ අවස්ථාවේදී ඉස්ලාමාබාද් මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
කෙසේ නමුත් රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉම්රාන් ඛාන්ට සහ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව නඩුව විභාග කිරීම සඳහා පිහිටුවා ඇති විශේෂ අධිකරණය ඇටොක් බන්ධනාගාර නිලධාරීන්ට දන්වා ඇත්තේ අද (30) පැවැත්වෙන එම නඩුවේ නඩු වාරය සඳහා ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ රඳවා තබා ගනිමින් ඉදිරිපත් කරන ලෙසයි.
නමුත් තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ඉම්රාන් ඛාන්ට ලබා දී ඇති දඬුවම අත් හිටුවා ඇති බැවින් ඔහුව අද(29) දිනයේම නිදහස් කළ යුතු බවයි.