චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සංචාරක ආකර්ෂණය සහිත, කෘෂිකර්ම පර්යේෂණ සඳහා ප්‍රසිද්ධ ඩාලි සිටි ගුෂෙන්ග් ගම්මානයේ පිහිටි විද්‍යා හා තාක්ෂණ මණ්ඩපය නිරීක්ෂණයට එක්වී තිබේ.
දෙමුහුන් සහල් වර්ග නිපදවන, මෙම ආයතනය නිපදවූ සාමාන්‍ය වී අස්වැන්න මෙන් හතර ගුණයක අස්වැන්නක් ලබා ඇති නවතම වී ප්‍රභේදය එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වී තිබුණි.
මෙම නව වී ප්‍රභේදය වියළි කලාපවලද ඉතා හොඳින් වගා කළ හැකි බැවින් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාව තුළ වගා කිරීම සඳහා සොයාබැලීමට කණ්ඩායමක් එවන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ආරාධනා කර ඇත.