ප්‍රාදේශීය සභා, පළාත් සභා සහ මධ්‍යම රජය යන අංශ තුනෙහි ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානය යොමු කරමින් නව යාන්ත්‍රණයක් සැකසීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසංහ පවසනවා.
පළාත් සභාවල ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරු ඊයේ (18) හමු වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
ජනාධිපති කාර්යාලයේදී මෙම හමුව පැවති අතර එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මුදල් නාස්තිය අවම කර ගැනීමට මෙම පියවර ගත යුතු බවයි.