බලය බෙදීම සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා චෝදනා කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ, රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට යාමේදී ඒ සදහා විරෝධය පළ කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැති බවයි.
ජනතාවට පිළිගත හැකි බලය බෙදීමක් ජනාධිපතිවරයා සියලු දෙනාගේ අදහස් ලබා ගනිමින් ක්රියාත්මක කිරීමට යන අවස්ථාවේ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ඊට විරුද්ධව අදහස් ප්රකාශ කරනුයේ, ඔවුන්ගේ දෙබිඩි පිළිවෙත රට ඉදිරියේ ප්රදර්ශනය කරමින් බවයි, පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා පෙන්වා දෙන්නේ.
රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සදහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතු බවත්, එමගින් ජත්යන්තර විශ්වාසයට ගොඩනැගිය හැකි බවත් අදාළ ලිපියේ දැක්වෙනවා.
ඒ පිළිබදව මනා අවබෝධයක් නොමැතිව පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ මතයට මෙන්ම එහි හෘද සාක්ෂියට එකගව කටයුතු කරන බහුතර මන්ත්රීවරුන්ගේ අදහසට බැහැර මතයක් පක්ෂ ලේකම්වරයා ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින් දැයි පාර්ලිමේන්තු මන්ත්රී නිමල් ලන්සා ප්රශ්න කර සිටිනවා.