ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ එළිමිනේටර් තරගය ඊයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ B-Love Kandy කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර.
කාසියේ වාසිය ලබාගත් Jaffna Kings පළමුව පන්දුවට පහරදීමට B-Love Kandy ට ආරාධනා කළා. පන්දු වාර 20 අවසානයේ B-Love Kandy කණ්ඩායම කඩුලු 08 ක් දැවී ලකුණු 188 ලබා ගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 41, මොහොමඩ් හැරිස් 79, වනිදු හසරංග ලකුණු 19 යි. පන්දු යැවීමේදි නුවන් තුෂාර කඩුලු 4 ක් ද මහේෂ් තීක්ෂණ හා අසේල ගුණරත්න අතර කඩුලු 02 බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Jaffna Kings කණ්ඩායම පන්දු වාර 17 යි පන්දු 1 දී සියලු දෙනාම දැවී ලකුණු 127ක් ලබා ගත්තා.
Jaffna Kings කණ්ඩායම වෙනුවෙන් David Miller ලකුණ 26 ක් ද Shoaib Malik ලකුණු 31 පන්දු යැවීමේදී වනිදු හසරංග අගනා කඩුලු 06ක් ලබා ගත්තා
ඊයේ තරගයෙන් පරාජය වු Jaffna Kings කණ්ඩායම 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වෙනවා.
ඊයේ තරගයෙන් ජයග්‍රහණය ලැබු B-Love Kandy කණ්ඩායමට අවසාන මහා තරගයට මුහුණ දීමට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඊයේ දින පැවති පළමු තරගයෙන් පරාජය ලැබු Galle Titans කණ්ඩායම සමග එළබෙන සෙනසුරාදා පවත්වන තරගයෙන් ජය ලැබිය යුතු වෙනවා.