ව්‍යාජ ස්ටිකර් මධ්යාසර බෝතල් මත ඇලවීම සම්බන්ධයෙන් ආදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්.
මේ සම්බන්ධයෙන් කොතරම් විශාල මධ්‍යසාර නිෂ්පාදනයක් වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව අමාත්‍යවරයා පවසනවා.
මධ්‍යසාර නිෂ්පාදනාගාර අධික්ෂනට සුරාබදු නිලධාරින් පත් කර ඇති බවටයි සඳහන් කළේ.
වැඩිදුරටත් ඔහු පැවසුවේ වරද නිලධාරීන්ගේ නම් ඔවුන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.