සියලු දිස්ත්‍රික්කවල සහකාර සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
අදාළ සාකච්ඡාව මේ වන විට මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත් වේ.
නව මැතිවරණ කොමිසම පත්වීමෙන් පසුව සහකාර සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සාකච්ඡාවක් සඳහා මැතිවරණ කොමිෂන් සභාවට කැඳවූ පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.
ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව කොමිසමේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමුකෙරෙන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.