අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට දැඩි චෝදනාවක් එල්ලවී තිබෙනවා.
ඒ, 2020 අමෙරිකානු මැතිවරණ පරාජය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි.
ඒ අනුව මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහය දැරීම සම්බන්ධයෙන් එරට අධිකරණයක් මඟින් පිටු 45කින් යුත් අධිචෝදනා හතරක් ගොනුකර ඇති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.
අමෙරිකාවට වංචා කිරීමට කුමන්ත්‍රණය කිරීම, සාක්ෂිකරුවන්ට හානි කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී තිබෙනවා.
කෙසේවෙතත් මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමන් යළිත් වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැළැක්වීමට මෙම පියවර ගන්නා බවයි.
අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මීට පෙරද විවිධ චෝදනා එල්ලවුණා. ඒ අතරින් ප්‍රධාන චෝදනාවක් වූයේ අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමකට අදාළ තොරතුරු වසන් කිරීමයි.