විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ඩුබායි නිපුණ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
37 හැවිරිදි අදාළ කාන්තාව ඩුබායි නිපුණ නමැත්තා සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති බවට අනාවරණය වී ඇතැයි විශේෂ කාර්ය බළකාය සඳහන් කර ඇත.
අත්අඩංගුවට ගන්න අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 25ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් මෙන්ම ජංගම දුරකථන දෙකක් ද සොයාගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
ඉදිරි විමර්ශන කටයුතු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ඇත.