හෙරොයින් හා අයිස් සමග සැකකරුවන් 04 දෙනෙකු ඊයේ (01) දින දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ගල්කිස්ස දුම්රියපොල අසලදී හෙරොයින් ග්‍රෑම් 06ක් සන්තකයේ තබාගෙන සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි (42) අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(02) ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඊයේ (01) උදෑසන මතුගම පොලිස් වසමේ කඩවක ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 440 ක් සන්තකයේ තබාගත් (26) අයෙකු කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අළුත්ගම,දොඩංගොඩ හා මතුගම පොලිස් වසම්වල සිදුවු අපරාධ රැසකටද අවශ්‍යකර සිටි සැකකරුවෙකුද බව විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද(02) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
එසේම ඊයේ(01) සවස අඟුලාන දුම්රියපොල ආසන්නයේදී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි (55) පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (02) මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අඟුලාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
අයිස් මතුද්‍රව්‍ය සමග පුද්ගලයෙකු ඊයේ(01) උදෑසන ඉලුප්පුකඩවෛ පොලිස් වසමේ වෙල්ලංකුලම් මාර්ග බාධකය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පේසාලෙයි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක අයෙකු වන අතර ඔහු අද (02) දින මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉලුප්පුකඩවෛ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.