13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ අතර පොදු එකඟතවයක් නොමැති බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් පවසනවා.
ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊ (28) කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ උතුරේ දේශපාලන නායකයන්ගෙන් එම ජනතාවට සේවයක් සිදුව නොමැති බවයි.