උඩරට වතුකරය ආශ්රිත ප්රදේශවල මත්වතුර අළෙවිය සීඝ්ර ලෙස පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
උඩරට මත්පැන්හල් හිමිකරුවෝ පවසන්නේ රජය විසින් අවසන් වරට මත්පැන් වර්ගවල මිල වැඩි කිරීමත් සමග පෙර පැවැති අළෙවියට සාපේක්ෂව මේ වනවිට අළෙවිය සියයට හැත්තෑවක පමණ ප්රමාණය දක්වා පහළ ගොස් ඇති බවයි.
මිල වැඩි කිරීමට පෙර දිනකට ලක්ෂ හතක පමණ මට්ටමේ පැවැති තම මත්පැන්හලේ දෛනික අළෙවිය මේ වනවිට ලක්ෂ දෙකක පමණ මට්ටමට පහත බැස ඇති අතර විදුලි බිල හා සේවක වැටුප් ගෙවීමෙන් පසු ලාභයක් ඉතිරි නොවන තත්ත්වයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
මත්පැන් වර්ගවල අළෙවිය අඩුවීමට ප්රධානතම හේතුව කෙටි කාලයක් තුළ අවස්ථා රැසකදී විශාල ලෙස මිල ගණන් ඉහළයාම බවත්, උඩරට වතුකරයේ වතු කම්කරුවන් ඇතුළු සෙසු ජනතාවගේ ආර්ථික තත්ත්වය වෙනසක් නොවී පැවතීම තවත් හේතුවක් බවද මත්පැන්හල් හිමියෝ වැඩිදුරටත් පෙන්වා දෙනවා.