බම්බලපිටිය පොලිස් ක්ෂේත්ර බලකා මුලස්ථාන තුළ පෙරේදා (23) පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.
මෙහිදී ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ඇති බවත් එම පිපිරීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
කොළඹ නගර සභාව අසළ එදින පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී එසේ පුපුරා ගොස් ඇතැයි සැකකරන බවද, එම සිදුවීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.