ලාදුරු රෝගයට හා සමේ රෝග සඳහා ලබා දෙන ‘ඩැප්සොන්’ ඖෂධය සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පස් ගුණයකින් වැඩි මිලට ගෙන ඇති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශය 2023 වසරේ සිදුකළ ප්‍රසම්පාදනයක දී ‘ඩැප්සෝන්’ ඖෂධය මිලි ග්‍රෑම් 50ක් සහිත පෙති 100ක පැකට්ටුවක් ඩොලර් 58.33 මිලට ගෙන ඇති අතර, මිලි ග්‍රෑම් 25ක් සහිත පෙති 30ක පැකට්ටුවක මිල අමෙරිකානු ඩොලර් 490කට මිලට ගෙන ඇති බවයි.
‘ඩැප්සොන්’ ඖෂධය ලාදුරු රෝගයට හා සමේ ගැටලුවක් වන Dermatitis herpes forms පාලනයට උපකාරි වනවා.