කොළඹ 07 – රොස්මීඩ් පෙදෙසේ මහල් ගොඩනැගිල්ලක පස් වැනි තට්ටුවෙන් ව්‍යාපාරිකයෙකු ඊයේ (23) දහවල් ඇදවැටීමෙන් මරුමුවට පත්ව ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කිරුළපන, සුනේත්‍රා පාරේ පදිංචි වයස අවුරුදු 47ක් වූ අයෙක්.
කිසියම් රෝගී තත්ත්වයක් සඳහා ඖෂධ ලබාගෙන ඇතැයි පැවසෙන මෙම පුද්ගලයා එම ගොඩනැගිල්ලෙන් බිමට පැන සියදිවි හානිකර ගත්තාදැයි සැක මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් නිලධාරියෙක් පැවසුවේ අප කළ විමසීමක දී යි.
ගොඩනැගිල්ලෙන් බිමට ඇද වැටී බරපතළ තුවාල ලබා සිටි මෙම ව්‍යාපාරිකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.