රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්, වැග්නර් නායක යෙව්ගනි ප්‍රිගොෂින්ගෙන් පළිගැනීමට බලා සිටින බව සීඅයිඒ අධ්යක්ෂ විලියම් බර්න්ස් අවධාරණය කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යෙව්ගනි ප්‍රිගෝෂින් සමඟ ගනුදෙනු කරන්නේ කෙසේදැයි සොයා බලන අතරතුර ඒ සඳහා තවත් කාලය ගැනීමට උත්සාහ කරන බව සීඅයිඒ අධ්යක්ෂවරයා සඳහන් කරයි.
යෙව්ගනි ප්‍රිගොෂින් මීට මසකට පෙර රුසියාවේ කැරැල්ලකට නායකත්වය දුන් වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානියා වේ.
එම කැරැල්ල, පුටින් විසින් ගොඩනගා තිබුණු බල පද්ධතියේ සැලකිය යුතු දුර්වලතා හෙළිදරව් කළ එකක් බවට සීඅයිඒ ප්‍රධානී විලියම් බර්න්ස් හඳුන්වා ඇත.
ඔහු Aspen Security Forum වෙත පවසා ඇත්තේ, පුටින් විසින් ප්‍රිගොෂින්ට එරෙහිව පළිගැනීමක් අපේක්ෂා කළ හැකි බවයි.
දැනට අප අත්විඳිමින් සිටින්නේ, මෙම සිදුවීම තුළ ඇති සංකීර්ණ ක්‍රියාදාමයක් බව ද ඔහු අවධාරණය කර ඇත.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ද මෙවැනිම තත්ත්වයක් පිළිබඳ ප්‍රකාශ කර තිබුණු අතර, ඔහු ප්‍රිගොෂින්ට ඇති අවදානමක් පිළිබඳ ප්‍රකාශයක් සිදුකර තිබිණි.
“මම එයා නම්, මම කන දේ ගැන පරිස්සම් වෙනවා. මම මගේ මෙනුව දිහා බලාගෙන ඉන්නවා” යනුවෙන් ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත