මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.
රටේ පැවති වාතාවරණය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගත් බව ඔහු පවසයි.
“2023/7/17 ලිපිය අනුව සියයට 80ක පැමිණීමේ ප්‍රතිශතයක් තියෙන්න ඕනේ පාසල් අයදුම්කරුවෙක් ලෙස පාසලෙන් අයදුම් කරන්න. නමුත් 2020 – 2021 වර්ෂ දෙකේදී බලපාපු කොවිඩ් -19 තත්ත්වය නිසා, ඉන්පසු පසුගිය වර්ෂයේ දී ඇති වු නොසන්සුන්තාවය නිසා සමහර පාසල් දරුවන්ට නියමිත ආකාරයෙන් පාසල් යන්න නොහැකි වුණා. ඒ නිසා මේ කරුණු සලකා බලා නැවත අපි ලිපියක් නිකුත් කළා සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ගේ පාසල් පැමිණීම සම්බන්ධයෙන් පාසල් මට්ටමෙන් තීරණ ගැනීමට උපදෙස් ලබාදී ඇත. 2023 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් සඳහා සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශත මෙම වර්ෂයට පමණක් සීමාවෙන ආකාරයට අවම මට්ටම 40%ක් ලෙස සලකා කටයුතු කිරීම.”