ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ශ්රී දළදා මාළිගා පරිශ්රයේ දී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වෙයි.
මෙම සාකච්ඡාව සඳහා දියවඩන නිලමේවරයා සහ සිව්මහ දේවාලවල බස්නායක නිළමේවරුන්, මහනුවර දිස්ත්රික් ලේකම්වරයා ඇතුළු තවත් නියෝජිතයින් කිහිපදෙනෙකු මීට එක්වීමට නියමිතය.
මෙවර ඇසළ පෙරහැර සඳහා ලංකා විදුලි බලමණ්ඩලය විසින් ශ්රී දළදා මාළිගාවට රුපියල් කෝටියකට අධික ඇස්තමේන්තු ගත විදුලි බිලක් ඉදිරිපත් කර තිබුණි.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් විවිධ මත පළකිරීමත් සමග එය සමාජයේ කතාබහට පාත්රවූ අතර දියවඩන නිළමේවරයා ප්රකාශයක් සිදුකරමින් පැවසුවේ ඇස්තමේන්තු ගත විදුලි බිල කිසිදු ගැටලුවක් නොවන බවත් එය ගෙවීමට දළදා මාළිගාවට හැකියාව පවතින බවත් ය.