මොරගොඩ මහදිවුල්වැව ප්රදේශයේ නිවසක් තුළ තිබිය දී සියදිවි නසා ගත් බවට අනුමාන කෙරෙන යුධ හමුදා ලාන්ස් කෝප්රල් වරයකුගේ සිරුරක් ඊයේ (18) පස්වරුවේ මොරගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයා තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ යුධ හමුදා 11 වන ඉංජිනේරු බලකායට අනියුක්තව සිටි වයස අවුරුදු 27ක් වන හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.
මොරගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසියකදී ඔහු පදිංචිව සිටි මොරගොඩ මහදිවුල්වැව ප්රදේශයේ පිහිටි නිවසේ කාමරයක් තුළ එල්ලෙමින් තිබියදී එම මළ සිරුර සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.
මීට දින කිහිපයකට පෙර දී ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර මොහු කිසියම් මානසික රෝගයක් සදහා ප්රතිකාර ලබමින් සිටි අයෙකු බවයි වර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම වන අවස්ථාවේ පවුලේ වෙනත් සාමාජිකයින් කිසිවකුත් එම නිවසේ රැදී සිට නොමැති බවයි මුලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.
මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය අනුමාන කරන අතර ඒ සම්බන්ධයෙන් වැඩි දුර පොලිස් විමර්ශන මේ වනවිට ආරම්භ කර තිබෙනවා.