ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාව අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මෙම හමුව පැවැත්වීම විශේෂත්වයකි.
මෙම සාකච්ඡාව අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සදහා උතුරු නැගෙනහිර සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින් සඳහා ආරාධනා කර තිබේ.
උතුරු නැගෙනහිර පළාත්වලට බලය බෙදාහැරීම සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.
මේ අතර ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ සදහන් කළේය.
ඉන්දීය ධීවර ගැටලුව හේතුවෙන් මෙරට ධීවරයින් මුහුණදෙන ගැටලු පිළිබදව සහ ඊට ලබාදිය හැකි කඩිනම් විසඳුම් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිතය.
මීට පෙරද දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා පැවැත්වුණි.
එම සාකච්ඡාවල දී ගන්නා ලද තීරණ සහ එකඟතාවල ප්‍රගතිය සම්බන්ධයෙන් ද අද (18) සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් මාධ්‍යට පැවසීය.