පාර්ලිමේන්තුවේ සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වරප්රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සම්බන්ධ කරුණු විමර්ශනය කර ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් වන යෝජනාව හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (17) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
උක්ත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනාව හෙට සභාගත කිරීමට නියමිත අතර ඒ පිළිබඳ විවාදයක් ඉදිරි වෙනත් දිනයකදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවූ බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.
එයට අමතරව හෙට (18) සිට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීම් සතියේ කටයුතු පසුගිය 07 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි සිදු කෙරෙනු ඇති බවද මහ ලේකම්වරිය ප්රකාශ කළාය.