ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හෙට (16) ආරම්භ වන ටෙස්ට් තරගාවලිය නොමිලයේ නැරඹීමේ අවස්ථාව ජනතාවට ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ අනුව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග දෙක ක්‍රීඩා ලෝලීන්ට නොමිලයේ නැරඹිය හැකියි.
පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අනිද්දා ද, දෙවැනි ටෙස්ට් තරගය එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ දී මේ මස 24 වැනිදා ද, ආරම්භ වීමට නියමිතයි.