දෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වත්‍රා දිවයිනට පැමිණ තිබෙනවා.
නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයකින් අද රාත්‍රියේ ඔහු ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.
ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම වාර්තා සඳහන් කළේ.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව ද මෙය වනවා.
මේ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කන්කසන්තුරය වරාය කේන්ද්‍ර කරගනිමින් මගී සහ භාණ්ඩ ප්‍රවාහන සේවයක් ආරම්භ කිරීම සඳහා ප්‍රංශ සමාගමක් වෙත ශ්‍රී ලංකාවේ අනුමැතිය ලබාදීම ඊයේ සිදුකෙරුණා.