රෝහිතට එරෙහි නඩුව කල්යයි

0
21

ඉකුත් රජය සමයේ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ලබන 24 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ මෙම නඩුව අද(18) කැඳවූ ලැබුවේය.

එහිදී වෙනත් නඩුවක් විභාගයට ගැනීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය ලබන 24 වනදා දක්වා කල් තබන බව විනිසුරුවරයා සඳහන් කළේය.

2004 වසරේ සිට 2006 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 41.3 වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.