අස්වැසුම සමාජ සුබසාධන වැඩසටහන යටතේ දැනට ප්‍රසිද්ධ ඇත්තේ ප්‍රතිලාභින්ගේ අවසාන නාම ලේඛනය නොවන බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමට ලබා දී ඇති දින 10ක කාලයෙන් පසු සිදු කරන සොයා බැලිමෙන් අනතුරුව අවසන් නාම ලේඛනය ප්‍රකාශයට පත් කරන බවයි.
එම කාලයෙන් පසුව වුවද කිසියම් පවුල් ඒකකයක් තමාට අසාධාරණයක් සිදු වූ බවට අභියාචනා ඉදිරිපත් කළ හොත් එය සලකා බැලීමට ද සුබ සාධන ප්රතිලාභ මණ්ඩලය සූදානම් බව ද අමාත්‍යවරයා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (24) අනුරාධපුරයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේම ලෝක බැංකුවේ පවා අදහස වී ඇත්තේ සමාජ ප්රතිලාභ ඉහළ නැංවිය යුතු අතර ම ඒවා සුදුසුම කණ්ඩායම වෙත ලබා දිය යුතු ය යන්නයි.
සුබ සාධන ප්රතිලාභ 30% – 40% අතර නුසුදුසු පිරිසකට ලැබෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙවර මෙම සමීක්ෂණය කිසිදු දේශපාලන බලපෑමකින් තොරව විනිවිද භාවයෙන් යුතුය සිදු කළේ සුදුසුම කණ්ඩායමට ප්රතිලාභ ලබාදීම සඳහා ය.
දින 10ක අභියාචනා සහ විරෝධතා කාලයක් ලබා දී ඇත්තේ නුසුදුස්සන් සොයා ගැනීමට සහ සුදුස්සන්ට අවස්ථාව ලබාදීමට බව අමාත්‍යවරයා අවධාරණය කළ බව සඳහන්.