වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග ලැබීම අඩුවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ.
මේ අතර වෙළෙඳපළේ මත්ස්‍ය මිල ගනන් ද පවතින්නේ ඉතා ඉහළ අගයකයි.
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් වරක් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සටහන් වූ ආකාරයයි මේ.
ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 300ත් 310ත් අතර මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල්200ත් 280ත් අතර මිලකටත් අලෙවි කෙරුණා.
එමෙන්ම අමුමිරිස් කිලෝවක තොග මිල රුපියල් 600ත් 650ත් අතර අගයකටත් වම්බටු කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.
මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොගමිලද අද උදෑසන ඉහළ මට්ටමක පැවතියා.
ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග සැපයුම අඩුවීම මෙලෙස එළවළු මිල යළිත් වරක් ඉහළ යාමට හේතුව බවයි වෙළෙඳුන් පවසන්නේ.
ආර්ථික මධ්‍යස්ථානවල එළවලු මිල ඉහළ යාම හමුවේ සිල්ලරව අලෙවි කෙරෙන එළවලු මිලද ඉහළ ගොස් ඇත්තේඉතා ඉහළ අගයක් දක්වායි.
මේ අතර වෙළෙඳපොළේ මාලු මිලද ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කුකුළු මස් හා බිත්තර මිල අඩු කිරීම සදහා රජය විසින් කුකුළු මස් කිලෝවකට අය කරන රුපියල් 240ක සහ බිත්තරයක් සඳහා අය කරන රුපියල් 6ක (බදු) මුදල අඩු කරන්නැයි සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.