දුෂණ විරෝධි පනත් කෙටුම්පත හෙට විවාදයට නොගැනීමට ආණ්ඩුව සුදානම් වන බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සංශෝධන සහිතව සම්මත වූ පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයට ඊයේ එක්වෙමින්.
මේ අතර, ගොවීන්ට සාධාරණ වී මිලක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග සභාව තුළ සංවාදාත්මක තත්වයක් ඇතිවුණා.