හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරයට අයදුම් කර තිබෙනවා.
එම තනතුරට අදාළ කෙටි ලැයිස්තුගත කිරීමට ද ඔහු ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක චමින්ද වාස් මේ බව තහවුරු කළා.
ශ්‍රී ලංකාවේ ජාතික වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් කලක් බංග්ලාදේශ කණ්ඩායමට ද පුහුණුකරුවකු ලෙස සිය දායකත්වය ලබා දී තිබෙනවා.