ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ අතර ගැටුමක් පවතින බවට ඇතැමුන් කීමට උත්සාහ කරන බව ද අමාත්‍යවරයා පැවසුවා.
මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් පළ කළ ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දුන්නේ පක්ෂයේ අභිමතය පරිදි නොව ඔහුගේ අත්දැකීම් සහ අභියෝගවලට මුහුණ දීමේ හැකියාව හොඳින් විමසා බලා බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් රණතුංග මහතා පැවසුවා.
එමෙන්ම ජනාධිපතිවරයා ප්රමුඛ රජය දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අනුව මේ රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් වනු ඇතැයි ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතින බව ද අමාත්‍ය රණතුංග මහතා සඳහන් කළා.