මාතර කොළඹ බස් රථයක මඟීන් පටවාගෙන ජංගම දුරකතනය කනේ ගසාගෙන බස් රථය ධාවනය කළ රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු රුපියල් 37500ක දඩ මුදලක් නියම කර තිබෙනවා.
මාතර තෙලිජ්ජවිල ප්රදේශයේ පදිංචි හර්ෂන් නානායක්කාර නමැති 26 හැවිරිදි රියැදුරකුට මෙසේ දඩමුදල් නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයේ වාද්දුව පොහද්දරමුල්ල ප්රදේශයේදී ඉකුත් 8 සහ 9 යන දෙදින තුළදීම ජංගම දුරකතනය කනේ තබාගෙන ධාවනය කළ බවට චෝදනා දෙකක් යටතේ අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණා.
පළමු වරදට රුපියල් දාහත් දහස් පන්සියක් සහ දෙවැනි වරදට රුපියල් විසිදහසක් වශයෙන් දඩමුදල් නියම කළ මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයෙන් දැඩිව අවවාද කළ බවයි වාර්තා වූයේ