ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, දිස්ත්‍රික් නායකයන් ඇතුළු පිරිසක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැදවා තිබුණා. පස්වරු 05 යි 30 ට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව තවදුරටත් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්නොවූ අතර ඔහු අනුරාධපුර, රුවන්වැලි සෑ රඳුන් වැඳපුදා ගැනීමට ගොස් තිබුණා.
එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක්ද ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන සාකච්ඡාවට එක්වී නොමැති බවයි වාර්තා වන්නේ.