යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත පිළිබඳ විද්‍යුත් මාධ්‍ය ආයතන නියෝජිතයින්ගේ අදහස් ලබා ගැනීම අද (07) විපක්ෂයේ පක්ෂ එකමුතුව විසින් සිදු කරනු ලැබුවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මෙම සාකච්ජාව සිදුව තිබෙනවා.
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී එල් පිරිස්, ලක්ෂ්මන් කිරිඇල්ල, රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න,නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර, ඇතුලු පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක්
සාකච්ඡාවට දිවයිනේ බලපත්‍රලාභි සියලු විද්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ එහි නියෝජිතයින්,මාධ්‍ය සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වූ අතර යෝජිත විකාශන අධිකාරී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු කාරණා සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් යෝජිත විකාශන අධිකාරි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා වන විපක්ෂ එකමුතුවේ කමිටුව පත් කර තිබෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම හමුවේ දී ප්‍රකාශ කර සිටියේ අදාළ පනතට විරුද්ධ බවයි.
ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ විවිධ ප්‍රතිපාදන හරහා මාධ්‍ය මර්දනය කිරීමට බව පැවසූ විපක්ෂ නායකතුමා කිසිදු හේතුවක් මත මාධ්‍යයට වාරණ පැනවිය නොහැකි බවත් මාධ්‍ය නිදහස උපරිමයෙන් ක්‍රියාත්මක වීම ප්රජාතන්ත්රවාදී සමාජයක අත්‍යවශ්‍ය කරුණක් බවත් මෙහි දී අවධාණය කර තිබෙනවා.