කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන්ගේ පැමිණේමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් රත්තරන් සහ ජංගම දුරකථන තොගය තමන්ට අයත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් ඊයේ (24) ප්රකාශ කළා.
ඊයේ (24) පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ පිළිබඳව ප්රකාශ කර සිටියා.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයෙන් අනතුරුව ඡන්ද විමසීමේදී එම යෝජනාවට විපක්ෂව ඡන්දය ප්රකාශ කිරීමට ද මන්ත්රීවරයා කටයුතු කර තිබුණා.
රත්තරං සහ ජංගම දුරකථන තොගය සමඟ ඔහුව රේගුවේ අත් අඩංගුවට පත්වීම ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා පැවසුවේ එම භාණ්ඩ තොගය තම මිත්රයකුගේ වුවත් තමන්ට ඒ සමබන්ධයෙන් වරදකරු වීමට සිදු වූ බවයි.
ඊයේ (24) දින පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාවේදී ඊට විපක්ෂව ඡන්දය ප්රකාශ කර සිටියේ “මම අමාරුවේ වැටුන වෙලාවේ ජනාධිපති රනිල් වික්රමසිංහත්, අගමැති දිනේෂ් ගුණවර්ධනත් නොපැමිණි නිසා මම මේ යෝජනාවට විපක්ෂව ඡන්දය දුන්නා” යනුවෙනි.