ශ්‍රී ලංකා සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් මෙම වසරේ දී සහභාගීවන වන සිය පළමු ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව සදහා ලබන මස 2 වැනිදා එක්වනවා.
ඒ ඉතාලියේ ෆ්ලෝරන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියටයි.
යුපුන් ක්‍රීඩා දිවියේ එතෙක් මෙතෙක් සහභාගී වන සුපිරිම තරගය මෙය බවට පත්ව ඇත්තේ මේවන විට ලොව මීටර් 100 ඉසව්වේ සුපිරිතම ක්‍රීඩකයින් එම තරගයට එක්වීම හේතුවෙන්.
ඒ අතරට මීටර් 100 ඉසව්වේ වත්මන් ලෝක ශූරයා වන අමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි , මීටර් 100 ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම් ලාභී ඉතාලියේ මාසෙල් ජේකෝබ්ස්, පොදුරාජ්‍ය මණ්ඩලයීය මීටර් 100 රන් පදක්කම් ලාභීයා ඇතුළු වනවා.
එමෙන්ම මෙම වසරේ මීටර් 100 ඉසව්වෙන් වේගවත්ම කාළය වාර්තා කර තිබෙන කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමයාලා,හිටපු ලෝක ශූරයකු වන අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්රෝමෙල්,දකුණු අකානි සිම්බිනි, ඉතාලියේ සැමුවෙල් චෙකරෙලි සහ තවත් සුපිරි ක්‍රීඩකයෙක් වන ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් ඇතුළු පිරිසද එක් වනවා.
ඒ අනුව මේ සුපිරි ක්‍රීඩකයින් සමග කරට කර තරඟ වදින්නට යුපුන් අවස්ථාව උදාවීමත් එක්තරා අයුරකින් අපගේ මලල ක්‍රීඩාව ලද ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකිය.