සමගි ජනබලවේගය කිසිසේත්ම ආණ්ඩුවත් සමඟ එක්වී මැති ඇමතිකම් ලබා නොගන්නා බවත්, කිසිම දේශපාලන ගණුදෙනුවකට එක් නොවන බවත්, එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු තිස්ස අත්තනායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජනබලවේගයේ ඇතැම් පිරිස් ආණ්ඩුවට එක්වන බවට පළවන වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.
මේ අතර ඊයේ(14) මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජනබලවේගයේ උප සභාපති හිටපු අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළේ තමන් සමගි ජනබලවේගයෙන් ඉවත් වී යළිත් එක්සත් ජාතික පක්ෂය සමග එක්වන බවයි.
එමෙන්ම සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ ඊයේ සංවිධාන කර තිබූ උත්සවයකට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව සිටියා.
ඔහුද කියා සිටියේ තමන් ඉදිරියේදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සමඟ එක්ව දේශපාලන කටයුතුවල නිරතවන බවයි.