ආංශික අධීක්ෂණ කාරක සභා හරහා මෙරට ඉදිරි සංවර්ධනය සදහා සම්බන්ධ වීමට තරුණ ප්‍රජාවට ඵලදායි අවස්ථාවක් ලැබී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (13) පෙරවරුවේ පැවති වැඩමුළුවකදීයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
ආංශික අධීක්ෂණ කාරක සභාවල තරුණ නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා එම වැඩමුළුව සංවිධාන කර තිබුණා. එම අවස්ථාවට කතානායක මහින්ද යාපා අබේවර්ධන ද එක්ව සිටියා.