වෙළඳපොලේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස තමන් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත තමන් නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
ඉවත් කර තිබූ රුපියල් 3 ක රේගු බද්ද නැවත පැනවීමත් සමග සීනි කිලෝවක මිල රුපියල් 15 කින් සහ තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා.
මේ සම්බන්ධයෙන් ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය සියයට 13 කින් පහළ ගොස් ඇති අතර, ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල ගණන් ද සියයට 15 කින් පහළ ගොස් ඇති බවයි.
එවැනි තත්ත්වයක් තුල සීනි සහ පාන්පිටි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.