සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන්.
(07) රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබූ බවයි වාර්තා වී ඇත්තේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවයි එම පක්ෂය නිවේදනය කළේ.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමටත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.